මතකය 2021 න් දිගහැරෙන්නේ ගෙවී ගිය වසරේ දී ගුවන් විදුලි ගොවි සේවාවේ කඳුරට
ඒකකය කළ, මාධ්‍ය මෙහෙවරයෙහි සංෂිප්ත ප්රකාශනයකි. අපේ සන්නිවේදන කාර්යයන්ට
අනුව පරිච්ඡේද කිහිපයකට මෙම වාර්ෂික වාර්තාව සැලසුම් කර ඇත්තේ ප්‍රගතිය
සමාලෝචනය කිරීමේත්, තොරතුරු පරිශිලනය කිරිමේත් පහසුව සඳහාය.
2021 වසරේද වැඩි කාලයක් කොවිඩ් වසංගත උවදුර නිසා අපේ රටේ සෑම ක්ෂේත්රයකම
රාජකාරිවලට බාධා ඇතිවිය. කෙසේ වුවද එම දුෂ්කරතා මධ්‍යයේ වුවත් ඉලක්කගත ගුවන්
විදුලි වැඩසටහන් යාවත්කාලීනව සිදුකර ගෙන යාමට හැකිවීම අප ලැබු ජයග්‍රහණයකි.
මෙම වසරේ මුල පුරන ලද වැදගත්ම කාර්යය වන්නේ තොරතුරු හා සන්නිවේදන අධ්යක්ෂ
තුමන්ගේ අනුදැනුම මත ශ්‍රව්‍ය දෘෂ්‍ය ශබ්දාගාරයක (Visual Studio) වැඩ ආරම්භ
කිරිමයි. අවම මුලික සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් මෙහි වැඩ ආරම්භ විය. Krushi Radio” සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිමට මෙන්ම වෙනත් රේඩියෝ හා විඩියෝ
වැඩසටහන් වලට අදාළ වැඩසටහන් ශ්‍රව්‍ය මෙන්ම දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරිමෙහිලා
මෙම ශබිදාගාරයෙන් මහඟු සේවාවක් සැපයිය හැකි බව විශ්වාස කරමු.